පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ නිර්මාණය වි ඇති විකල්පය කණ්ඩායම අද කොළඹ දී විශේෂ සාකච්ඡුාවකට එක්වන බව අප වෙත වාර්තාවනවා. දිමුතු බණ්ඩාර අබේකෝන්, වරුණ දීප්ත රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් වන පණ්ඩුක සහ කුමාර නම් දෙදෙනකු ද මෙම සාකච්ඡුාවට එක්වෙනු ඇති. පක්ෂ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් මෙම කණ්ඩායමට වෙනම පාර්ශ්වයක් ලෙසින් ක්‍රියාකිරීමට හේතු වු සාධකයයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා විරෝධතා ව්‍යපාරයක් ඇරඹිමට පෙරටුගාමීන් සුදානම් වනවා. එහෙත් මෙම කණ්ඩායම ඊට එකඟ නොමැති වීම ප්‍රධානතම විරසකයයි. පක්ෂයේ නායකයා ලෙස පෙනී සිටින කුමාර් ගුණරත්නම් තමන් පැහැරගත් පසු ලිංගික හිංසනයන්ට භාජනය වු බව ප්‍රකාශ කර තිබුණා. විප්ලවීය නායකයෙකු වශයෙන් ඔහුට ඔහු කළ එම ප්‍රකාශක බොලඳ එකක් බව ද ඔවුන්ගේ අදහස වී තිබෙනවා. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡුා කිරීම අද පැවැත්වෙන විශේෂ හමුවේ අරමුණයි.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු කණ්ඩායමක් ජනඅරගල ව්‍යාපාරය ලෙස සංවිධාන වී පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිකරනු ලැබුවා. එම පක්ෂය බිහිකර තවමත් ගතවී ඇත්තේ දින 13 ක් පමණයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.