2012-04-22

කෞතුකාගාරයේ සොරකමට රංජිත් සියඹලාපිටිය සම්බන්ධ නැහැලූ


ඉකුත් දා ජාතික කෞතුකාගාරයේ සිදුවු සොරකමට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැතැයි පොලිසිය අවධාරණය කරනවා. අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ ඊට තමා සම්බන්ධ බවට හැගවෙන තීරු ලිපියක් සති අන්ත පුවත්පතක පල කර ඇති බවයි. එබැවින් එය නිවැරදි කරන ලෙස ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එය අසත්‍ය පුවතක් බවයි. එසේම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුවීම සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පවත්වන බව සහ එමගින් තවමත් කිසිඳු සැකකරුවෙකු අනාවරණ වී නොමැති බව ද අවධාරණය කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.