2012-04-22

ජෙහාන් මුබාරක් පොලිස් අත්අඩංගුවට


හලාවත කොළඹ මාර්ගයේ මයික්කුලම ප‍්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් මෙම අනතුර සිදුවූ බවයි. ඩිෆෙන්ඩර් රථයේ ගමන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන ජෙහාන් මුබාරක් බව හලාවත පොලීසිය පවසනවා. ඔහු මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වන තුරු ජෙහාන් මුබාරක් රඳවා ගන්නා බවයි පොලීසිය පැවසුවේ. මුබාරක්       ශ‍්‍රී ලංකා ”ඒ” ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙසද කලක් කටයුතු කළා.
අනතුරෙන් මියගිය පුද්ගලයා දුම්මළසූරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. තුවාල ලැබූ තවත් අයෙකු හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ දෙදෙනාම යතුරුපැදියේ ගමන් කළ අය බවයි පොලීසිය පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.