ශ්වසන මාර්ගයේ අසූචි සිරවීමෙන් 75 හැවිරිදි පස් දරු මවක් මියයාමේ පුවතක් බදුල්ල වේවැස්ස ප‍්‍රදේශයෙන් වනවා. අදාළ පස් දරු මව ඉකුත් 19 වනදා කිසියම් පුද්ගලයෙකුගේ පහරදීමක් හේතුවෙන් සිහිසුන්ව ඇඳ වැටී ඇති බවයි පොලීසිය පවසන්නේ. පසුව අදාළ කාන්තාව වැසිකිළිවලකට දමා මරණය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මියගිය කාන්තාවගේ මළ සිරුර නිවසේ වැසිකිළි වළේ තිබියදී ඊයේ ගොඩගැනුණා. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී එම්.බී.කේ. හේරත් මහතා ප‍්‍රකාශ කළේ ශ්වසන මාර්ගයේ අසූචි සිරවීමෙන් ශ්වසනය අවහිර වී මෙම මරණය සිදුවී ඇති බවයි. මියගිය කාන්තාවගේ හිසෙහි සහ බඩ ප‍්‍රදේශයේ තැලූම් තුවාල කිහිපයක්ද දක්නට ලැබෙනවා. ඉල ඇට කිහිපයක් ද බිඳී ගොස් ඇති බවයි මරණ පරීක්ෂණයේදී හෙලි වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ දරුවෙකුගෙන් සහ ඔහුගේ බිරි`දගෙන් පොලීසිය ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
2012-04-22
ශ්වසන මාර්ගයේ අසූචී හිර වී 75 හැවිරිදි පස්දරු මව මරුට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.