2012-04-22

ත්‍රිකුණාමලයේ ක්‍රිකට් ක්‍රීඩක ඝාතනයේ පරීක්ෂණ CID යටතට


ත‍්‍රිකුණාමලයේ දි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ඝාතනය කිරීම පිළිබඳ පරික්‍ෂණ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර තිබෙනවා. සහකර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහි විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ වන විට ත‍්‍රිකුණාමලයට පැමිණ සිටින බවයි පැවසෙන්නේ. වසර 06 කට වැඩි කාලයක් එංගලන්තයේ වාසය කළ ඊස්වරදාසන් කේදීස්වරන් ඝාතනයට ලක්වුයේ ඉකුත් 18 වැනිදායි. අයියනගර් ප‍්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව තිබුණා.
මේ අතර ගාල්ල ප‍්‍රදේශයට හෙරොයින් බෙදා හරින බවට සැකකෙරෙන පුද්ගලයෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිංතොට ප‍්‍රදේශයේ දී ගාල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදුකළ මාර්ග පරික්‍ෂාවකදීයි. මෙම පුද්ගලයා සතුව තිබු හොරොයින් ග‍්‍රෑම් 08 කට අධික ප‍්‍රමාණයක් ද සොයා ගැනුණා. මොහු දෛනිකව අළුයම් කාලයේ දී මෙලෙස හොරොයින් ප‍්‍රවාහනය කරන්නට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.