2012-04-19

නුරානියා හසන් රිය අනතුරකින් මරුට


ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු වූ නූරානියා හසන් මහතා අද අලූයම රඹෑවේදී සිදු වූ රිය අනතුරකින් අභවප‍්‍රාප්ත වී තිබෙනවා. එම සංස්ථාවේ සේවකයින් පිරිසක් රැගත් වෑන් රථයක් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා. එහිදී තුවාල ලැබූ තවත් ගුවන් විදුලි සංස්ථා සේවකයින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන බවයි. ලොරි රථය පොලීසිය විසින් නවතා පරීක්ෂා කරමින් තිබියදී ඊට පිටුපසින් පැමිණි වෑන් රථය පාලනය කර ගත නොහැකිව එහි ගැටී ඇති බව පොලීසිය ප‍්‍රකාශ කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.