2012-04-19

අනතුරු ඇඟවීමක්


අධික වැසි ඇදහැලීමත් සමගින් දිවයිනේ නොයෙකුත් ප‍්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවනවා. එහි නායයෑම් අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ දකුණු පළාතේ මෙන්ම මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකටද මෙම තත්වය බලපෑ හැකි බවයි. දෙණියාය කොටපොළ සෙල්වකන්ද ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ නායයෑමක් හේතුවෙන් එහි වාසය කළ පවුල් 18ක් නිවාසවලින් ඉවත් කෙරුණා. මෙවැනි නායයෑම් ඇති වීමේ තත්වයන් පිළිබඳ සෑම ප‍්‍රදේශයකම ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවද බණ්ඩාර මහතා අවධාරණය කළා.
මේ අතර කොටපොළ ප‍්‍රදේශයේ සිදුවන නායයෑම් පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂඥයින් පිරිසක් මේ වන විට එහි ගොස් සිටිනවා. මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් සමන් බාලසූරිය මහතා පැවසුවේ තත්වය කළමනාකරණය කෙරෙන තෙක් අදාළ පවුල්වල සාමාජිකයන් එම නිවාස වෙත යොමු නොකරන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.