2012-04-26

කොල්ලකරුවන්ගෙන් මිදී දිවයිනට


සෝමාලියානු කොල්ලකරුවන්ට හසු වීමෙන් අනතුරුව බේරාගැනුනු ධීවරයින් හයදෙනා මීට නොබෝ වේලාවකට පෙර දිවයිනට පැමිණියා. කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසුවේ ඔවුන් මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටින බවයි. පසුගිය සැප්තැම්බර් මාසයේ ‘‘නිමේෂා දුව’’ ධීවර යාත‍්‍රාවෙන් මුහුදුගිය පිරිස සෝමාලියානු කොල්ලකරුවන්ට හසුවීමෙන් අනතුරුව ඉකුත්දා ස්පාඤ්ඤ නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් බේරා ගැනුනා. ටැන්සානියාවේ රඳවා සිටි ඔවුන් මෙලෙස අද දිවයිනට ගෙන්වා ගැනුනා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.