පසුගිය සමයේ නීතිය අතට ගෙන ක‍්‍රියාකළ පුද්ගලයින් 105 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යම් සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද විමේ දී සහ රිය අනතුරක් සිදුවු විට ඇතැම් පුද්ගලයින් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවයි. ඔවුන් තවත් අය පොලඹවමින් නීතිය කඩ කරමින් කලහාකාරී ලෙස හැසිරි ඇතැයි ද අදාල නිවේදනයේ දැක්වෙනවා. කිසිවෙකුට නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්ට, පැමිණිලිකරුවන්ට හෝ සැකකරුවන්ට පහර දීමට හැකියාවක් නැහැ. එමෙන්ම කිසිඳු පාර්ශ්වයකගේ දේපළ විනාශ කිරීමට අයිතියක් නොමැති බව ද පොලිසිය අවධාරණය කරනවා. පොලිසිය වැනි නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයකින් හෝ යම් පුද්ගලයෙකු ගෙන් අසාධාරණයක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමේ ක‍්‍රමවේදයක් පවතිනවා. ඉන් බැහැරව ක‍්‍රියාකළ හොත් වර්තමානයේ දියුණු තාක්‍ෂණය උපයෝගි කර ගෙන සැකකරුවන් හඳුනා ගැනීමට ද හැකියාව තිබෙනවා. එබැවින් යම් සිදුවීමක් සම්බන්ධයෙන් නීතිය අතට ගෙන ක‍්‍රියා කිරීමෙන් වැලකෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2012-05-02
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.