2012-05-01

පැය විසි හතර පුරාම හිරුණිකා වටා පොලිස් ඇස


තමන්ට ජීවිත තර්ජනයක් ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පදිංචිව සිටින කොළඹ කුරුඳුවත්ත නිවසට පැය 24 පුරා ආරක්ෂාව සපයා ඇතැයි ද පොලීසිය පවසනවා. ඇය විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇතැයිද පොලීසිය පවසනවා.
පසුගිය ඉරිදා දින පුවත්පතක තම ජීවිතයට තර්ජනයක් ඇතැයි  ප්‍රවෘත්තියක් පලවූ බවත් එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදාළ පුවත්පතේ කර්තෘ සහ මාධ්‍යව්දියෙකු හමුවී විමසූ අවස්ථාවේ සිය ජීවිතයට අනතුරක් කරන බවට යම් ස්ථානයක කතාබහක් සිදුව ඇති බව අනාවරණය කළේ යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.