දුම්රියක ගැටීමට ගිය ගව පැටවෙකු බේරා ගැනීමට උත්සහ කළ තරුණියක් එම ගව පැටියා ද සමග දුම්රියට බිලිවීමේ පුවතක් අනුරාධපුර පුලියන්කුළමෙන් ඊයේ වාර්තා වුණා. මෙලෙස මියගියේ පුලියන්කුලමේ පදිංචි 19 හැවිරිදි දිල්හානි මහේෂිකා නම් තරුණියක්.
දිල්හානි මහේෂිකා ඊයේ සවස තම පියාණන් නිවසට පැමිණෙන තුරු මග බලාගෙන සිටියා. ඒත් පියාගේ පැමිණිම ප්රමාද වීමත් සමගම දිල්හානි යාබද වෙල්යාය වෙත ගියේ එහි සිටි තම ගව පට්ටියේ ගවයන් නිවසට රැගෙන ඒමේ අරමුණින්. ගවයන් දක්කා ගෙන දිල්හානි ආපසු නිවසට පැමිණෙමින් සිටියා. දැයට කිරුළ සීඝ්රගාමී දුම්රිය ඔවුන්ගේ පිටුපසින් පැමිණියා. ඒ මොහොත වන විට අනෙක් ගවයන් රේල් පාරෙන් ඉවත්ව සිටියත් එක් ගව පැටවෙකු රේල් පාර අයිනේ නැවති සිටියා. එම ගව පැටවා රේල් පාර අසලින් ඉවත් කර ගැනීමට දිල්හානි හැකි සෑම උත්සහයක්ම දැරුවා. රේල් පාර අසලටම පැමිණි දිල්හානි ගව පැටවාගේ ගෙල බැදි ලණුවෙන් අදිමින් ඌ රේල් පාරෙන් ඉවත් කර ගැනීමට ඇය උත්සහ දැරුවා. වේගයෙන් පැමිණි දුම්රිය ගව පැටවාගේ ඇගේ වැදීමත් සමගම දිල්හානිත් දුම්රිය දෙසට ඇදි ගියා. දුම්රිය ඇන්ජිමේ වැදුනු දිල්හානි සිහිසුන්ව ඇද වැටුණා. දුම්රියේ හැපි විසිවුණු ගව පැටවා එය අසල වෙලක මැරී වැටී සිටියා. බරපතල තුවාල ලැබු දිල්හානිත් එම ස්ථානයේ දීම මෙලොව හැර ගියා. සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල්ලා වන්නේ ද දිල්හානි මහේෂිකායි.
.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.