ඇමැති මර්වින් කැලණි ප්‍රාදේශීය සභාවට සමාව දෙයි
තමා අදහන්නේ බෞද්ධ ධර්මයත් ජනාධිපතිතුමාගේ ධර්මයත් පමණක් බව මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. පසුගිය මැතිවරණයේදී ජනාධිපතිවරයාට ඡන්දය ලබා නොදුන් උදවියට පවා ජනාධිපතිවරයා විසින් පසුව අමාත්‍ය පදවි ලබාදුන් බව සිල්වා මහතා කියා සිටිනවා.
ජනාධිපතිවරයාගේ ධාර්මිකත්වය එයින් පැහැදිලිවන බව හෙතෙම කියා සිටියේ අද (04) කිරිබත්ගොඩල සුහද සිංහල වෙළඳ සංගමය විසින් සංවිධානය කළ වියළි ආහාර ලබාදීමේ දන්සලක සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
මෙවර වෙසක් සතියේදී සියලු අක්‍රමිකතා හා දූෂණ හා වංචාවන් නවත්වා ජනතාවට සේවය කරන්නට ඉදිරිපත් වන්නේනම් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්රමුඛ මන්ත්‍රීවරුන් කළ වැරදිවලට සමාව දෙන්න තමන් සූදානම් බව මර්වින් සිල්වා මහතා කියා සිටියේය.
පසුගිය කාලයේ කැලණිය ප්‍රාදේශිය සභාවේ උදවිය තමන්ට කිරි කෝපි එකක්දී තමාගේ දේශපාලන බලය යොදවා තිරය පිටුපසට වී මහා පරිමාණ දූෂණ වංචා හා අක්රමිකතාවන් සිදුකළ බව ඔහු අවධාරණය කළේය.
තමාගෙන් පසුව කැලණියේ දේශපාලනයට පිටස්තරයින්ට අවස්ථාව ලබා නොදෙන බවත් තමාගෙන් පසු අනිවාර්යයෙන්ම කැලණිය බාරගනු ලබන්නේ තම පුත් මාලක බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.