සහභාගි වෙන්න නැහැ කියලා කිව්වේ නැහැ - ටී.එන්.ඒ.
තේරීම් කාරක සභාවට සහභාගී නොවන බව තමන් ප්‍රකාශ කර නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ රජය එකඟ වූ යෝජනා ඉටුකරන තෙක් තම පක්ෂය ඒ සඳහා සහභාගි නොවන බව පමණක් කියා සිටි වග හෙතෙම සිහිපත් කරනවා.
මෙරට ජාතික අර්බුදය විසඳිම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් රජය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ අතර ඒ සඳහා මෙතෙක් විපක්ෂයේ දේශපාලන පක්ෂවල සහයෝගයක් ලැබී නොමැති බවද ඔහු සඳහන් කළා.
රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකරගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (03) අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර හමුවක් පැවැත්වුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.