ෆොන්සේකාට ස්ථාන මාරුවක්
කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ ජාතික රෝහලට මාරු කරන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළා. විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පැවසුවේ බන්ධනාගාර කොමසාරිස් අශෝක හපුආරච්චි මහතා මහාධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිට අද උදෑසන කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් එම නියෝගය කරන බවයි. කොළඹ නවලෝක රෝහලේදී සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව සැපයීම දුෂ්කර බවත් ඒ මහතා කොළඹ ජාතික රෝහලට මාරු කළහොත් ආරක්ෂාව සැපයීම පහසුවන බවත් අශෝක හපුආරච්චි මහතා පැවසුවා. එහෙත්, ඒ බව තහවුරු කිරීමට ලිඛිත සහතික ඉදිරිපත් කර නොමැති බවයි සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් පෙන්වා දුන්නේ. කෙසේවෙතත් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් වන බවත් කොළඹ නවලෝක රෝහලේදී ඒ මහතාට ආරක්ෂාව සැපයීම දුෂ්කර බව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කරන නිසා අනවශ්‍ය අවධානමක් අධිකරණයට දැරිය නොහැකි බවත් විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පැවසුවා. කොළඹ ජාතික රෝහලේදී සරත් ෆොන්සේකා මහතාට කිසියම් අනතුරක් සිදුවුණහොත් එහි වගකීම බන්ධනාගාර කොමසාරිස්වරයා පෞද්ගලිකවම භාරගත යුතු බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.