කීනවල උප දුම්රිය ස්ථානය අසල දී දුම්රිය 02 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව දුම්රිය සැලසුම් අධ්යක්ෂ විජය සමරසිංහ මහතා පවසනවා. පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා කීනවල දුම්රිය ස්ථානය අසල නතර කර තිබුණා. කොළඹ කොටුව දෙස සිට පැමිණි පර්යේෂණ දුම්රියක් එම දුම්රියෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විජය සමරසිංහ මහතා පැවසුවා.
කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිවෙකුට හෝ හානියක් සිදුවී නොමැති බව ද ඒ මහතා පැවසුවා. මේ වනවිට දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇන හිට ඇති බව ද සමරසිංහ මහතා කියා සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.