කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක් සේ සංවිධානය වී ‘‘ජිහාඩ්” නමැති මුස්ලිම් මූලධර්මවාදී සංකල්පය මෙරට මුස්ලිම් ජනතාව අතර ඉස්මතු කරමින් සිටින බව ආරක්ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබෙනවා.
විශේෂ වාර්තාවක් මගින් රජයට මේ බව දැනුම් දී ඇති අතර මත්කුඩු රට තුළට ගෙන ඒම ඇතුළු සිය ජාවාරම් නිදහසේ කරගෙන යැමේ උපක්‍රමයක් ලෙසින් මුස්ලිම් පාතාලය මෙසේ ක්‍රියාත්මකව සිටින බවද සඳහන් වනවා.
ජිහාඩ් නමැති අන්තවාදී සංකල්පය මුස්ලිම් ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා මෙම පාතාල කල්ලි ප්‍රබලයන් තමන් සිටින ප්‍රදේශ නිල නොවන අධිආරක්ෂිත කලාපසේ පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබෙනවා.
කිසියම් පිටස්තර පුද්ගලයකු එකී නිල නොවන අධිආරක්ෂිත කලාප වෙත එන්නේ නම් අදාළ පාතාල කල්ලියේ අවසරය ලබාගත යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් පිටස්තර පුද්ගලයා පැමිණි නිවසේ සිටින පිරිසට දඬුවම් කිරීමේ වැඩපිළිවෙළක්ද මොවුහු ක්‍රියාත්මක කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
තමන්ට අයත් බල ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාවට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ අවස්ථාවද මෙම පාතාල කල්ලි මගින් අහිමි කර ඇති අතර කිසියම් ආරවුල් සහගත අවස්ථාවකදී කිසිවක් පොලිසියට පැමිණිලි නොකොට පාතාලය ලවා ඒවා විසඳා ගත යුතු බවට මොවුන් මුස්ලිම් ජනතාවට නියෝග පනවා ඇතැයිද බුද්ධි අංශ විමර්ශන මගින් හෙළිවී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.