2012-05-29

උතුර දෙමළ වැසියන්ට පමණක් නෙවෙයි


රටේ උතුරු ප්‍රදේශය දෙමළ ජනතාවට පමණක් අයිති නොවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. BBC පුවත් සේවය හා අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. එහිදී අදාළ මාධ්‍යවේදියා විසින් විමසා ඇත්තේ උතුරේ දිස්ත්‍රීක්කවල සේවයේ නියුතු ද්‍රවිඩ රාජ්‍ය නිළධාරීන් සෙසු ප්‍රදේශවල සිංහල සේවක මණ්ඩලවලට අනුයුක්ත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ යුද්ධයට පෙරාතුව උතුරේ සේවය කරනු ලැබුවේ සිංහල නිළධාරීන් බවයි.
එසේම දකුණේ දිස්ත්‍රීක්ක බොහොමයක ද්‍රවිඩ ජාතික නිළධාරීන් සේවය කරන බවත් සිංහල හා මුස්ලිම් ජාතික පිරිස් වලටත් උතුරේ සේවය කිරීමට ඉඩ තිබිය යුතු බව හා උතුරද ශ්‍රි ලංකාවේම කොටසක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. යුද්ධයේදී සිවිල් වැසියන් බොහෝ පිරිසක් මිය ගිය බවට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිවිල් වැසියන් සුළු පිරිසකුත් LTTE කැරලිකරුවන් අති බහුතරයකුත්, බව හෙතෙම පවසා ඇත.
“ඔබ සිතනවාද ශ්‍රී ලංකා හමුදා හා සිවිල් වැසියන් අතර යුද්ධයක් පැවති බව. යුද්ධය පැවතු‍ණේ හමුදාව හා ත්‍රස්තවාදී කණ්ඩායමක් අතරයි“ ආරක්ෂක ලේකම්වරයා එහිදී ප්‍රශ්න කර තිබේ.
පැවති යුද්ධයේදී හමුදා සොල්දාදුවන් 6000 ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බවත් එහිදී සිවිල් වැසියන්ගේ ඝාතන සම්බන්ධයෙන් අවධානය යොමුකරන නමුත් එය උපුටා දක්වන තරම් ප්‍රමාණයක් නොවන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
-Adaderana-

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.