2012-05-29

IT ගුරුවරුන් ලබන මස සිට බඳවා ගැනේ


ද්වීතීයික පාසල් දහසේ වැඩසටහන සඳහා තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන් දහසක් බඳවා ගැනීම ලබන මාසයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ජාතික පාසල් මට්ටමින් සංවර්ධනය කරනු ලබන ද්වීතීයික පාසල් සඳහා එම ගුරුවරුන් අනුයුක්ත කිරීමට නියමිතයි.
උපාධිධාරී සෞන්දර්යය ගුරුවරුන් දහසක් සහ ඉංග්‍රීසි විෂයයට අදාල ගුරුවරුන් දහසක් බඳවා ගැනීම ද ලබන මාසයේ දී ආරම්භ කිරීමට සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කරයි. මෙරට ජාතික පාසල් 341 ක් වන අතර ද්විතීයික පාසල් වැඩපිළිවෙල යටතේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයකට ම ද්විතීයික පාසල් තුනක් අයත් වන පරිදි අදාල පාසල් සංවර්ධනය කිරීමට අපේක්‍ෂිතයි.
ඒ අනුව ගම්බද දරුවන්ට ද ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ උපදෙස් පරිදි ද්විතීයික පාසල් වැඩසටහන ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරන ලදී.
උපුටා ගැනීම - Asianmirror.lk

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.