2012-05-30

නියෝජ්‍ය ඇමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග


නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙස උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණය අද නියෝග කළා. පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ ක‍්‍රීඩාංගණයේ සැණකෙලියක් පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ අදාල නියෝගය නිකුත් කෙරුණා. පෙත්සම්කාර ලංකා ගුරු සංගමය  වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ කියා සිටියේ දේශපාලන උවමනාවන් මත විදුහල් ක‍්‍රීඩාංගණය සැණකෙලියකට යොදා ගැනීමට ප‍්‍ර්‍යත්න දරන බවයි. එමගින් විද්‍යාලයේ ඉගෙනුම ලබන 4500 ක් පමණ වන සිසුන්ට ක‍්‍රීඩාංගණය භාවිත කිරීමට අවස්ථාව අහිමි වන බව ද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම සැණකෙලිය පැවැත්වීමට අදාල අවසරය ලබා ගෙන ඇත්තේ පළාත් සභාවෙන් වුවද එහි වගකීම ඇත්තේ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශයට බව ද නීතිඥවරයා කියා සිටියා. කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනකුට හෙට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.