වරාය හා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණසේකරගේ දියණිය අයේෂාගේ විවාහ මංගල උත්සවය පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. මනාලයා වූයේ කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනුෂ්කය.
මනාලිගේ පාර්ශ්වය වෙනුවෙන් විවාහයට අත්සන් කළේ ජානධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මනාලයාගේ පාර්ශ්වයෙන් විවාහයට අත්සන් තැබුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාය. ජනාධිපතිවරයා හා කතානායකවරයා හැරුණු විට මෙම විවාහ උත්සවයට ආරාධනා ලැබ සිටි එකම දේශපාලනඥයා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමය. මහ මැතිවරණයේදී මනාප වෙනුවෙන් දැඩි සටනක යෙදුණු කුමාර වෙල්ගමට පමණක් මේ විවාහ උත්සවයට ආරාධනා කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විණි.
මනාල යුවළ සමගත් පවුලේ අනෙකුත් සාමාජිකයන් සමගත් ඡායාරූපවලට මුහුණදුන් ජනාධිපතිවරයා මනාල යුවළට සුබ පතා තෑග්ගක්ද පිරිනමා පිටත්ව ගියේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.