ජංගම අලෙවිසැල් ලෙසින් භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතුවල යෙදීම සඳහා නොඵශ මහ නගර සභා සීමාව තුළ තැනින් තැන නතර කර තබාගෙන භාණ්ඩ අලෙවි කිරීමේ කාර්යයන්හි නියැලෙන සෑම ඩීමෝ බට්ටා රථයකින්ම එක් දිනකට රුපියල් 50 බැගින් 2012 මැයි 01 වැනිදා සිට 2013 අප්‍රේල් 30 වැනිදා දක්වා ගාස්තුවක් අය කිරීමටත් 2013 මැයි මස 01 වැනිදා සිට දිනකට රුපියල් 100ක් බැගින් ගාස්තුවක් අය කිරීමටත් නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා) නාගරික මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවට යෝජනා කොට ඇත.
මෙලෙස ජංගම වෙළෙඳ සේවයේ නියුතු සියලු වාහන මහනගර සභාවේ ලියාපාදිංචි විය යුතුය. ලියාපදිංචි වීමට ප්‍රථම අදාළ වාහනය නතර කරන ස්ථානය නියෝජ්‍ය නාගරික කොමසාරිස් ඉංජිනේරැ සේවා විසින් අනුමත කළ යුතු වන අතර මහජනතාවට ඇවිද යෑම සහ මාර්ග කොටස හැර රථවාහනවලට සහ මහජනතාවට අවහිර සිදු නොවන ස්ථාන සඳහා පමණක් අනුමැතිය දීම සලකා බලන බව ස්ථාවර කමිටුව තීන්දු කර ඇති බවද වාර්තා වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.