2012-05-14

ටිරාන් ආවමලු ෆොන්සේකාගේ අවසන් තීන්දුව


හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ටිරාන් අලස් මහතා ශ්‍රී ලංකාවට පැමිණි විගසම ජනාධිපතිවරයා විසින් ගනු ලබන බව  'මවිබිම' පුවත්පත අනාවරණය කරනවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අතර පසුගිය මාස තුන පුරා පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් ජනාධිපතිවරයා මේ තීන්දුව ගැනීමට නියමිත බවයි පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දැනට ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක නිරතවී සිටින ටිරාන් අලස් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු  ශ්‍රී ලංකාවට පැමිණි පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සුවිශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපය නිරාකරණය කර අවසන් එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කෙරෙනවා. ටිරාන් අලස් මහතා ලන්ඩන් නුවර සිටින අතරවාරේ ජනාධිපතිවරයා සමග දුරකතනය මගින් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කළ බව එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.