2012-05-07

Ranilge paththe unath malagedaratawath awe naha

රනිල්ට ආ වැඩුවත් මළ ගෙදරටවත් ආවේ නැහැ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් යාපනයේ ශාන්ත රෝච් ක්‍රීඩාංගණයේදි පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගි වී ආපසු එමින් සිටියදී කිළිනොච්චියේදී හදිසි අනතුරකට ලක්වීමෙන් මියගිය කඩුගන්නාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුබසිංහ සිරිවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පක්ෂ නායකයා සහභාගි නොවීම පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම පක්ෂයේ ආධාරකරුවන්ද දැඩි අප්‍රසාදය පළ කරති.
සුබසිංහ සිරිවර්ධන මහතාගේ අභාවය සැලවූ සැණින් එහි ගොස් ඒ මහතාගේ පවුලේ ඥාතීන්ට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් තම සාතිශය සංවේගය පළකරමින් අවශ්‍ය ආධාර උපකාර කළ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට පවුලේ ඥාතීන් කෘතඥතාව පළ කළහ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ බියවැද්දීම් හා බලකිරීම් නිසා යාපනයේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට තමන් සහභාගි වූ බවත් ප්‍රේමදාස ගුණසමරුවට යාමේ බලවත් ඕනෑකමකින් පසු වූ බවත් එවැනි පසුබිමක් යටතේ යාපනයේ මැයි රැළියට ගොස් ආපසු එමින් සිටියදී අභාවප්‍රාප්ත වූ සිරිවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එජාප නායකයාට යුතුකමක් හා වගකීමක් තිබූ බවත් අවමංගල්‍යයට සහභාගි වූ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පැවසුහ.
එක්සත් ජාතික පක්ෂ නායකයා මල ගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල්වලට සහභාගි වන්නේ තමාගේ ගජ මිතුරන් කිහිප දෙනෙකුගේ ඒවාට පමණක් බවත් ඔවුහු තවදුරටත් පැවසුවේ චෝදනා මුඛයෙනි. ඔවුන් අවධාරණය කරන්නේ නායකත්වය වෙනුවෙන් යාපනයේ ගොස් එමින් සිටියදී ජිවිතක්ෂයට පත් සිරිවර්ධන මහතාගේ මළ ගෙදරට නොපැමිණිමෙන් විපක්ෂ නායකවරයා කර ඇත්තේ ඔහුට අගෞරවයක් මෙන්ම තමාගේ කුහකකම ප්‍රදර්ශනය කිරීමක් බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.