අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාට එරෙහිව තමිල්නාඩුවේ කොයිම්බතූර් හිදි උද්ඝෝෂණයක යෙදුණු පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් ප‍්‍රවෘත්ති සේවා ප‍්‍රකාශ කළේ සිය දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් සියලූ දෙනා එම්.ඞී.එම්.කේ. පක්ෂයේ සාමාජිකයන් වනවා. මෙම පිරිස අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතා රැුඳී සිටි කොයිම්බතූර් හි හෝටලය ඉදිරිපිටදී ඊයේ විරෝධතාවල නිරත වුණා. මේ හේතුවෙන් අමාත්‍යවරයා වහාම ඉන්දියාවෙන් පිට කිරීමයි එරට ආරක්ෂක බලධාරින් තීරණය කළේ. ඒ අනුව අමාත්‍යවරයා ඊයේ රාත‍්‍රියේ දිවයිනට පැමිණියා. අත්අඩංගුවට ගත් එම්.ඞී.එම්.කේ. පාක්ෂිකයන් සියලූ දෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2012-06-08
රෙජිනෝල්ඩ් විරුද්ධ වූ 100ක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.