කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ කැලණිය ප‍්‍රදේශයේ ඉඩම් ගොඩකිරීමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් කරුණු විමසන බවයි. අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබඳවද සභාපතිවරයාගෙන් කරුණු විමසීමටයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව තීරණය කර තිබෙන්නේ. මේ අතර පිබිදුනු කැලණිය ස්වේච්ඡුා සංවිධාන අරමුදලේ භාණ්ඩාගාරික කැලණිය ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී මිල්රෝයි පෙරේරා මහතා පිළිබඳවද විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව තීරණය කර තිබෙනවා.
2012-06-08
කැලණිය ප‍්‍රාදේශීය සභාපතිත් විනය කමිටුව හමුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.