2012-06-09

සරණාගතයින් තිදෙනෙක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට


ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙකු ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඕස්ට්‍රේලියනු බුද්ධි අංශ විසින් ආරක්ෂාවට තර්ජනයක් ලෙස සඳහන් කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක දී පසුගිය සතියේ මෙම සරණාගතයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි අදාළ මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම සරණාගතයින් තිදෙනා අතර පුද්ගලයින් දෙදෙනෙකු හා එක් කාන්තාවක් වන බව ද ඒවායේ වැඩිදුරත් සඳහන්.
එම පුද්ගලයින් දෙදෙනා මෙල්බර්න් හා සිඩ්නි නගරවලදී ද කාන්තාව පර්ත් නගරයේ දී ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැවත මව්රටට යැවීම අවදානමක් ලෙස හඳුනාගෙන ඇති සහ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා වීසා බලපත්‍ර ලබාදීමට අනුමැතිය හිමිව නොමැති නිසා රැඳවුම් භාරයේ පසුවන තවත් පුද්ගලයින් 51 දෙනෙකු රැඳවුම් භාරයට පත්කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට පත් කාන්තාව පසුගිය වසරේ සිට පර්ත් නගරයේ වාසය කර ඇති අතර ඇය සිඩ්නි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට නියමිතව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.