2012-06-08

පොලීසියෙන් අලුත් ගිනි අවි මෙහෙයුමක්


නොයෙක් ප්‍රදේශ වලින් බඳින තුවක්කු නිසා සිදුවන ජීවිත හානි සහ පුද්ගලයින් ආබාධිත තත්වයට පත්වීම පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බැවින් ඒවා සොයා වැටලීම් සිදු කරන ලෙස දිවයිනේ සියළු පොලිස් ස්ථාන වෙත පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. 
ගිනි අවි ආඥා පනත යටතේ බඳින තුවක්කු පාවිච්චි කිරීම ප්‍රවාහනය සහ සන්තකයේ තබා ගැනීම වරදක් වන අතර තුවක්කුවක් යනු ගිනි අවියක් වන අතර බලපත්‍රයක් නොමැති කිසිම තුවක්කුවක් (බඳින තුවක්කුවක්ද ඇතුළුව) ළඟ තබා ගත නොහැකයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.