ඉන්දියාවේ සංචාරයක නිරත අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාට වහාම එරටින් පිටවන්නැයි ඉන්දිය ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා. ඒ ශී‍්‍ර ලංකාවට එරෙහිව කොටි හිතවාදීන් විසින් සංවිධාන කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන්. තමිල්නාඩුවේ කොයිම්බතූර් ප‍්‍රදේශයේ අමාත්‍යවරයා සංචාරයක නිරත වෙමින් සිටියා. එහිදී පනස් දෙනෙකුට ආසන්න පිරිසක් අමාත්‍යවරයා එරැඳී සිටි හෝටලය අසලට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි විදෙස් ප‍්‍රවෘත්ති සේවා ප‍්‍රකාශ කළේ. ඉන්දියානු ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් අමාත්‍යවරයා ඉන්දියාවේ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. ඉන්දියානු ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පිටත්කර යැවුණා.
මේ අතර මීට සුළු වේලාවකට පෙර අමාත්‍යවරයා දිවයිනට පැමිණි බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වාර්තා අනාවරණ කරන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.