2012-06-08

සරසවි වර්ජනය තවත් උග්‍ර වන ලකුණු


තර්ජනය කිරීම් හරහා තම වෘත්තිය කි‍්‍රයාමාර්ගය තවදුරටත් තීව‍්‍ර වන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සංගම් පවසනවා. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් එම සංගම් මේ බව කියා සිටියා. දැනට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට සම්බන්ධ වන්නන්ගේ දෛනික වැටුප කපා හරින බවයි කොමිසන් සභාවේ සභාපති ගාමිණි සමරනායක මහතා ඊයේ ප‍්‍රකාශ කළේ.
මේ පිළිබඳ නෙත් නිවුස් අන්තර් විශ්ව විද්‍යාලයීය සේවා වෘත්තීය සමිතියේ ප‍්‍රධාන ලේකම් කපිල ජයසිංහ මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ වැටුප් කප්පාදු කිරීමෙන් වෘත්තීය අරගල අඩපණ කළ නොහැකි බවයි. තම ඉල්ලීම් ලැබෙන තුරු වර්ජන කි‍්‍රයාවලිය අත්නොහරින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.