බිබිල නිල්ගල රක්ෂිතයේ ඇති වූ ගින්නක් මෙතෙක් පාලනය කිරීමට නොහැකි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පෙරේදා පස්වරුවේ ගින්න ඇති වූ බවයි. ගින්නෙන් රක්ෂිතයේ යටි වගාවන්ට විශාල හානියක් සිදුව තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කි‍්‍රයා කරන බවයි කොඩිප්පිලි මහතා සඳහන් කළේ. ගින්න හේතුවෙන් කෙතරම් භූමි ප‍්‍රදේශයක් විනාශ වී ඇත්දැයි මෙතෙක් ගණන් බලා නැහැ. ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය වූවහොත් ගුවන් හමුදාවේද සහය ලබා ගන්නා බවයි ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ.
2012-06-07
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.