හිටපු යුද හමුදාපතිවරයා සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව පනවා ඇති නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් පිරිසක් සේවයේ යොදවා ගත් බවට ඔවුන් දෙදෙනාට චෝදනා කරමින් නීතිපතිවරයා අදාළ නඩුව පවරා තිබෙනවා. නඩුව අද කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමට අනුව මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා එය ලබන 21 වැනිදා විභාග කිරීමට නියෝග කළා. එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් දස දෙනෙකු සේවයේ යොදවා වැටුප් ගෙවීම තුළින් නීති විරෝධී කි‍්‍රයාවක් සිදු වූ බවට චෝදනා කරමින් අදාළ නඩුව ගොනුකර තිබුණා. අද නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
2012-06-07
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.