2012-06-09

නිල්ගල ගින්න තවත් පැතිරෙයි


බිබිල නිල්ගල ඖෂධ වනයේ ඇතිවූ ගින්න තවදුරටත් පවතින බව වාර්තා වනවා. වනයේ යටි වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ගින්නෙන් විනාශයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. පවතින දැඩි සුළං තත්ත්වය  ගින්න පැතිර යාම වැඩි කිරීමට හේතු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
මීට සතියකට ආසන්න කාලයකට පෙර සිට නිල්ගල ඖෂධ වනයේ මෙම ගින්න හටගත් අතර මේ වන විට අක්කර 400 ක පමණ ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හේතුවෙන් ඖෂධ හා වටිනා දැව වාර්ග විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ගින්න වර්ධනය වීම හේතුවෙන් බුත්තල, වැල්ලවාය හා බිබිල යුධ හමුදා කඳවුරුවල සෙබළුන් යොදවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. එහෙත් නැවත වරක් අද දිනයේදීත් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා. දඩයම් සඳහා වනයට යන පුද්ගයින් විසින් මෙම ගිනි තැබීම් සිදුකරන්නට ඇති බවට සැක පළ කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.