2012-06-07

ජවිපෙන් පෙරටුගාමීන්ට චෝදනාවක්


පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීම සඳහා තම පක්ෂයට චෝදනා නගන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ සිය සාමාජිකයන්ට පහර දෙන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමන්ට කරන චෝදනාවල කිසිද පදනමක් නොමැති බවයි. පසුගිය මාස 6ක කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිය පක්ෂයේ කි‍්‍රයාකාරීන් 17 දෙනෙකුට පහරදී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී චෝදනා කළා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ තමන් ගැන අවධානය යොමු කර ගැනීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවැනි ප‍්‍රකාශ කරන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.