විදෙස්ගතව සිට මව්බිමට නැවත පැමිණෙන පිරිස් බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇත්දැයි ගුවන් තොටුපළේදිම පරික්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. එම පිරිස් බෝවන රෝගවලට ගොදුරු වී ඇත්දැයි ගුවන් තොටුපළේදී දැනටමත් පරික්‍ෂා කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සිහිපත් කරන්නේ. බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග ද ශ‍්‍රී ලංකාවට තර්ජනයක් වී තිබෙනවා. බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගවලට ද ගොදුරු වී ඇත්දැයි විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන්නන් පරික්‍ෂා කිරීමට අවධානය යොමුව ඇත්තේ ඒ නිසායි. එම පරික්‍ෂණ සඳහා විශේෂිත ඒකකයක් ගුවන් තොටුපළේ ස්ථාපිත කරනු ඇති. රුධිර පරික්‍ෂණ සහ රුධිර පීඩනය මැන බැලීම වැනි කටයුතු එහිදී සිදු කිරීමට නියමිතයි. කිසියම් පුද්ගලයෙකු බෝ නොවන රෝගයකට ගොදුරු වී ඇතැයි එහිදි හෙලි වුවහොත් ඔවුන්ට උපදෙස් වෛද්‍ය ලබාදීමට ද කටයුතු කෙරෙනවා.
2012-06-09
ගුවන් තොටට අලූත් පරීක්ෂණ කාමරයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.