2012-09-20

ඇඟළුම් කම්හල් හිමිකරු සහ බිරිඳ අත්අඩංගුවට ගන්න - කම්කරු විනිශ්චය සභාවකින් නියෝග


පානදුර ප‍්‍රදේශයේ ඇඟළුම් කම්හලක හිමිකරු සහ ඔහුගේ භාර්යාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝග කළා. කම්කරු විනිශ්චය සභාවක් විසින් ලබා දෙන ලද නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. ඔවුන්ට අයත් ඇඟළුම් කම්හලේ සේවකයින් 60 දෙනකු විසින් කෙරුණු පැමිණිල්ලක් අනුව කම්කරු විනිශ්චය සභාව එම නියෝගය නිකුත් කර තිබුණා. සේවකයින්ට ගෙවිය යුතු හිඟ වැටුප් වහාම ගෙවන ලෙසයි එහි සඳහන් වුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.