2012-09-19

පෙම් පළහිලව්වක් නිසා හමුදා මේජර් බෝම්බයක් පුපුරුවාගෙන නසී


දුරකථනයෙන් පෙම්බැඳි පෙම්වතිය සොයා මාතර තිහගොඩ කෝමංගොඩ ප්‍රදේශයට ගිය 36 හැවිරිදි දෙදරු පියකු වන යුද හමුදා මේජර්වරයකු ඔහු ගමන් ගත් මහේන්ද්‍රා වර්ගයේ කැම් රථයේදී බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ සාලියපුර ගජබා රෙජිමේන්තුවේ ප්‍රධාන පුහුණු කිරීමේ නිලධාරියකු ලෙස සේවය කරන සම්පත් කුමාර නමැත්තෙකි. බෝම්බය පුපුරුවා ගත් කැබ්රියේ ඉදිරි අසුනෙහි තිබී තවත් ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. කුරුණෑගල කිරියායගොඩ පදිංචි මොහු කඹුරුපිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙය සිදු කර ගෙන ඇති බවටත් මියගිය අය විවාහක දෙදරු පියකු බවටත් තොරතුරු වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
මෙම මේජර්වරයා එම තරුණියට සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන ලෙස දැනුම්දී ඇත. ඒ දැනුම්දීමට අනුව තරුණිය ඇයගේ පියාද සමග එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ඇති වූ කතාබහකින් පසුව මොහු වාහනය තුළට ගොස් බෝම්බය පුපුරුවාගෙන ඇත.
18 වනදා උදේ 10.15ට පමණ මෙය සිදුවී ඇති අතර ඒ පිළිබඳ මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලනි අමරසිංහ මෙනවිය, පොලීසිය සහ යුද හමුදාවද සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වූවා. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.