2012-09-19

කුඩු සමග ඇල්ලු ගුවන් සේවිකාවට ඇප නෑ


හෙරොයින් මිලිග්‍රෑම් 540ක් අඩංගු පැකට් 17ක් සමග වැල්ලවත්තේදී සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින සුරූපී ගුවන් සේවිකාවට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකාරිය මේ මස 25 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ඊයේ නියෝග කළා.
මෙසේ රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියමවූයේ රොසෑන් ඈන් බහාර් නමැති සැකකාරියයි. සැකකාරියට ඇප ලබාදෙන ලෙසට ඇයගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබාදුන් තීන්දුව පිටු 108කින් සමන්විත වේ. අන්තරාදායක ඖෂධ පනත යටතේ සැකකාරියට එරෙහිව චෝදනා එල්ල වී ඇති නිසා එවැනි අවස්ථාවකට ලක්වූ තැනැත්තියකට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය නම් කොළඹ මහාධිකරණයෙන් ඇප ඉල්ලීම කළ හැකි බව දන්වා සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.