2012-11-19

ජාත්‍යන්තර කොටි දෙකඩ වෙයි - මහවිරු සමරු දේශන දෙකක් - ප්‍රංශ කොටි නායකයා ඝාතනයත් කල්ලි අතර ගැටුමක්ලු


ලබන 27 දා එංගලන්තයේදී පැවැත්වීමට සූදානම් කර ඇති කොටි මහවිරු සමරුවේදී බල අරගලයකට මැදිව සිටින LTTE නායකයන්වන රුද්‍රකුමාර් සහ නැදියවන් දෙදෙනාම මහවිරු දේශන පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. වෙනදා වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට සීමා වූ මහවිරු දේශනය මේ වසරේ පටන් දේශන දෙකක් බවට පත්ව ඇත්තේ රුද්‍රකුමාර් සහ නැදියවන් පාර්ශව අතර පවතින බල අරගලය නිසාය.
එංගලන්තයේ හැර යුරෝපයේ අනෙක් සෑම රටකම මෙවර මහවිරු සමරු දෙක බැගින් සංවිධානය වී තිබෙන බවද වාර්තා වනවා. රුද්‍රකුමාර් සහ නැදියවන් පාර්ශව අතර පවතින බල අරගලය උත්සන්න වීම හේතුවෙන් මෙම පාර්ශව දෙකම සිය අනන්‍යතාව සඳහා මහවිරු සමරු පැවැත්වීමට යන බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම ප‍්‍රංශ කොටි නායක පාරදී නොහොත් රීගන් මරා දැමීමට හේතුවක් වී ඇති බවටද විවිධ වාර්තා පල වී ඇති බවද පැවැසෙනවා. මේ අතර LTTEය එක හඬක් යටතේ යලි පණ ගැන්විය යුතුයැයි කොටි ජාත්‍යන්තරයේ ප‍්‍රධානියකුවන ෆාදර් එම්මානුවෙල් රුද්‍රකුමාර් සහ නැදියවන් පාර්ශව වෙත දන්වා තිබෙන බවද වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.