පළාත් සභා ක‍්‍රමය මෙරටට හඳුන්වා දුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත වරක් සංශෝධනය කිරමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේදී උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර මෙම සංශෝධනය සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමටද තීරණය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙහිදී 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට පැවරෙන ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් දැඩි ලෙස සලකා බැලෙනු ඇතැයිද දැනගන්නට ලැබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.