උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන නිලධාරීන් විසින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුවල සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වත බෝර දමා පුපුරුවා හැරීමේ කටයුතු සිදු කරද්දී ඉපැරැණි උමං මාර්ගයක් මතුව තිබෙනවා. එය රාවණා රජු සමයේදී භාවිත කරනු ලැබූ බවට අනුමාන කෙරෙනවා.
රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඔස්සේ රාවණා රජු ඇල්ල – වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරේ. මේ උමං දොරටුව අඩි 11ක් පමණ උසකින්ද අඩි 5ක් පමණ පළලකින්ද පහළට ගමන් කළ හැකි පඩිපෙළ කිහිපයකින්ද යුක්ත අතර දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමා තිබෙන බවද වාර්තා වනවා.
මීට වසර 7,500කට පමණ ඉහතදී රාවණා රජතුමා ඉන්දියාවට ගොස් සීතා කුමාරිය පැහැරගෙනවිත් රාවණා ඇල්ල සමීපයේ සඟවා තිබූ බව ජනප්රවාදයේ සඳහන්ව ඇති අතර ඒ බව සනාථ කරමින් රාවණා ඇල්ලේ ශෛලමය බිත්තියක රාවණා රජුගේ රූපයක්ද කොට ඇති බවක් දැකගන්නට තිබෙන බවද වාර්තා වනවා. මේ වන විට මේ උමං මාර්ගය හමුවූ ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇතැයිද වාර්තා වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.