2012-11-08

අයවැය අද පාර්ලිමේන්තුවට


අපනයන ආදායමට වඩා ආනයනය වියදම ඉහල යාමේ ගැටළුවට අද ඉදිරිපත් කෙරෙන අයවැයෙන් විසඳුම් බලාපොරොත්තු විය හැකි බව රජය පවසනවා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයෙහි එම විසඳුම් අන්තර්ගත වන බවයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව                       අද පස්වරු 01ට යළි රැස්වීමට නියමිතයි. එහිදී ජනාධිපතිවරයා විසින් 2013 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. ඒ අනුව ලබන වසර සඳහා ඇස්තමේන්තු කර තිබෙන රාජ්‍ය වියදම රුපියල් බිලියන 1335ක්. රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයට රුපියල් 88.9 ක් වෙන් කර තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන 289.5 ක්. රුපියල් බිලියන 1295ක් ණය ආධාර ලෙස ලබා ගැනීමටද අපේක්ෂා කෙරෙනවා.
පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන ඇයවැය ලේඛනය නිදහස් ශී‍්‍ර ලංකාවේ 67 වැනි අයවැය ලේඛනයයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.