පුත්තලම දිස්ති‍්‍රක්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 16ක් අද උදෑසන විවෘත කෙරුණා. රාජාංගණයේ ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒවායින් මුදාහැරන ජලය කලාවැවට සහ මී ඔයට එකතු වනවා. මී ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තබ්බෝව ගොවිජනපද ව්‍යාපාරයේ පවුල් 300ක් අවදානම් තත්වයකට පත්ව සිටිනවා. තවත් පවුල් 40ක සාමාජිකයන් පීඩාවට පත්ව තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම ඉහළ යන බැවින් අවට ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙස පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.
2012-11-08
රාජාංගණය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.