උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එම්. සෙනරත් පුෂ්ප කුමාර මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ, එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතාගේ නියෝගයකට අනුවයි. අනුරාධපුර අරිප්පු මාර්ගය අලූත්වැඩියා කිරීමේදී සිදු වූ අක‍්‍රමිකතාවක් පිළිබඳ දිස්ත‍්‍රික් සහකාර විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඔයාමඩුවේ පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම මාර්ගයේ අලූත්වැඩියා කටයුතු සිදු කෙරුණා. මාර්ගයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර් තුන හමාරකට ආසන්නයි. එම අලූත්වැඩියා කටයුතු සිදුකිරීමේදී රුපියල් ලක්ෂ 160 ක මුදලක් නීති විරෝධීව මුදාහැරීමේ සිද්ධියක් මුල් කරගනිමින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
2012-11-25
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීට වැඩ තහනමක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.