2014-02-14

බංග්ලාදේශය සමග 20යි 20 තරගාවලියෙන් ශ‍්‍රී ලංකාවට ජය

බංග්ලාදේශය සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා. ඒ, දෙපිල අතර අද පැවති තරගය උණුසුම් සටනකින් පසු කඩුලූ 03කින් ජය ගනිමින්. ඒ සඳහා අවසන් පන්දුවේදී ලකුනු 02ක් ලබාගැනීමට ශ‍්‍රී ලංකාවට සිදුව තිබුණා. ඔවුන් එම ඉලක්කර සපුරා ගත්තේ සචිත‍්‍ර සේනානායක එල්ල කළ 04 පහරකින්. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක‍්‍රීඩකයන් ලකුණු 120කට සියලූදෙනා දැවී ගියා. වැඩිම ලකුණු ලාභියා වූයේ සිය මංගල තරගයට සහභාගී වන සබීර් රාමන්. ඔහු පන්දු 36කදී ලකුණු 26ක් ලබාගත්තා. ලසිත් මාලිංග ලකුණු 20කට කඩුලූ 03යි. සචිත‍්‍ර සේනානායක සහ නුවන් කුලසේකර කඩුලූ 02 බැගින් දවාගත්තා. ඉන් අනතුරුව ශ‍්‍රී ලංකා පිතිකරුවන් සිය පිලිතුරු ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ගේ පළමු කඩුලූ 06 බිදවැටුණේ ලකුනු 50ක් ඇතුළතයි. කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා 07වන කඩුල්ල සඳහා ලකුනු 46ක සබ`දතාවක් ගොඩ නගමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම නැවත ජය මාවතට රැුගෙන ආවා. සංගක්කාර ලකුණු 37යි. තිසර පෙරේරා නොදැවී ලකුනු 35ක් ලබාගත්තා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.