සූර්ය කෝෂ විදුලිබල පද්ධතියක් කියන්නේ රටට, රටේ පරිසරයට හා ආර්ථිකයට ඵලදායි ආයෝජන දැහැමි ව්‍යාපාරයක්. රජයක් විදිහට බදු සහන ලබාදෙන්න ඕනෑ මේ වගේ ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක කරන්න මිසක් කැසිනෝ ව්‍යාපාර සඳහා නොවෙයි. ඒ නිසා කැසිනෝ සඳහා බදු සහන ලබාදීම කිසිම ලෙසකින් අනුමත කළ නොහැකි යෑයි තාක්ෂණික, පර්යේෂණ හා පරමාණුක බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
දෙහිවල, නැදිමාල, ඇන්ඩර්සන් පාර, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඉකුත් 11 දා ජාතික විදුලිබල පද්ධතියට නව සූර්ය කෝෂ විදුලි ජනක පද්ධතියක් එක්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සූර්ය කෝෂ පද්ධතියක් මුලින්ම සවිකළේ 1979 ඇමරිකාවේ ධවල මන්දිරයේ ජනාධිපති ජීමී කාටර් මහතාගේ පාලන සමයේ. එදා ගල් අඟුරු තෙල් වැනි දේ වලින් තමයි විදුලිය උත්පාදනය කළේ. ඒත් ඒ දේවල් සපයන රටවල ඇතිවූ යම් යම් ආර්ථික සම්බාධක හේතුවෙන් ඒවා සැපයීම අඩාල වුණා. ඒත් ජිමී කාටර් ජනාධිපතිවරයා එක දෙයක් තේරුම් ගත්තා මොන දේවලට ආර්ථික සම්බාධක පැනවූවත් සූර්යයාට සම්බාධක පනවන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ නිසා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමි සූර්ය කෝෂ විදුලිබල පද්ධතිය විහාරස්ථානයට ලබාදුන් ජෙන්සෝ ආයතනයේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අවන්ත අතපත්තු මහතා සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතා උත්සව සභාව ඇමතූ අතර බොදු බල සේනා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.