තම බිරිඳගේ ගෙල මිරිකා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා වන සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහවිලච්චිය, කරඹගොල්ලෑව ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනය කර තිබෙනවා. අත්අඩංගුවට ගෙන සිටින සිවිල් ආරක්ෂක බලකා සෙබලා විල්පත්තු, කජුවත්ත ප්රදේශයේ සේවය කරන්නෙකු බවයි පැවසුවේ. මිය ගොස් සිටි කාන්තාව වසර 02ක පමණ කාලයක සිට සිය සැමියාගෙන් වෙන්ම ජීවත් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. පරික්ෂණ නොමග යැවීම සඳහා සැකකාර සිවිල් ආරක්ෂක බලකා සෙබලා මිය ගිය කාන්තාවගේ මුඛයට වස වර්ගයක් දමා තිබෙනවා. එහෙත් මෙය ගෙල සිර කිරීමකින් සිදුවු මරණයක් බව විමර්ශනවලින් තහවුරු වන බවයි පොලිසිය පැවසුවේ.
2012-11-07
බිරිය මැරූ සිවිල් ආරක්ෂක භටයා අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.