2012-11-07

පෙම්වතියගේ නිරුවත අන්තර්ජාලයට මුසුකොට ලිංගික අතවර කළ පෙම්වතෙක්


අන්තර්ජාලය හරහා  නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරමින් තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප 2ක් මත මුදා හැර තිබෙනවා. වෙබ් අඩවියක් භාවිත කර මෙසේ එම තරුණියට බලපෑම් කර ඇත්තේ  කැලණිය පෙතියාගොඩ පදිංචි උපුල් පෙරේරා නමැත්තෙක්.
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලබා ඇති‍ මෙම තරුණිය එම කාලයේදී සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා. පසුව එම සම්බන්ධතාව නැවැත්වීමෙන් අනතුරුව තමන් කියන ස්ථානවලට නොපැමිණියහොත් ඇයගේ නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බවට සඳහන් කරමින් සැකකරු තර්ජනය කර ඇති බව වාර්තා වනවා. 
පසුව තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මොහුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.