රජය සහ පෞද්ගලික අංශය මඟින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවත්වාගෙන යනු ලබන ගබඩාවල ඇති වී සහ සහල් තොග පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව, හෙට සිට වාර්තාව සකස් කිරීම ආරම්භ කරන බවයි එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා කියා සිටියේ. ශ‍්‍රී ලංකාව තුළ අතිරික්ත සහල් සහ වී තොග පවතින බැවින් ඒවා සඟවා තබා ගැනීමට ඇතමුන් උත්සහ දරනවා. එවැනි පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා ලෙසටද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. මෙම වසරේ නොවැම්බර් මාසයේදී පමණක් සහල් වැඩි මිලට විකිණූ 100 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි වෙළඳ අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.
2012-11-25
ඇමැති ජොන්ස්ටන්ට වී සහ සහල් තොග වාර්තාක් ඕනලු
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.