2012-11-03

කාන්තා ඝාතකයන්ට එරෙහිව කහවත්තේ කාන්තාවෝ විරෝධතා පෙළපාලියක


කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ සිදුවන කාන්තා ඝාතනවලට විරෝධය පළ කරමින් ප‍්‍රදේශවාසීන් පිරිසක් කහවත්ත නගර මධ්‍යයේ අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. කාන්තාවන් ඇතුළු ප‍්‍රදේශවාසීන් පිරිසක් කොටකෙතන ප‍්‍රදේශයේ සිට කහවත්ත නගරය වෙත පා ගමනකින් පැමිණ කහවත්ත ක‍්‍රීඩා පිටිය ඉදිරිපිටදී එලෙස විරෝධතාවයේ නිරත වුණා. කොටකෙතන ප‍්‍රදේශයේ අවසන් ද්විත්ව ඝාතනයේ පරීක්ෂණ සිදුකළ පොලිස් පරීක්ෂක රොහාන්  ඕලූගල මහතාට ස්ථාන මාරුවක් ලබාදීමට ගෙන ඇති තීරණයටද ප‍්‍රදේශවාසීන් මෙහිදී විරෝධය පළකළා.
මේ අතර කහවත්ත කොටකෙතන වරාපිටිය ප‍්‍රදේශයේ නිවසක ඉකුත් 31 වනදා කපා කොටා ඝාතනය කර තිබූ යූ.ඞී. චන්ද්‍රාවතී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. එම කටයුතු සාමකාමීව සිදුකෙරුණු බවද වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.