2012-12-23

දඹුල්ලේ ටියුෂන් ක්ලාස් තහනම් කෙරේ


දඹුල්ල මහනගර සභා බල ප‍්‍රදේශයේ ඉරිදා දිනවල උදයවරුවේ සහ පොහොය දිනවල පෞද්ගලික පන්ති පැවැත්විම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඔපාත මහතා පැවසුවේ ප‍්‍රදේශයේ පෞද්ගලික පන්ති පවත්වන  ගුරුවරුන් සියලූ දෙනාගේ එකඟත්වය මත මෙම තීරණයට එළැඹි බවයි. ඊයේ දඹුල්ල නගරාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගත් බව ද දඹුල්ල නගරාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.